ඇ. ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් රටටත් ජනතාවටත් අහිමි වීම තුළ සැබවින්ම අප රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව ගැන බරපතල අවදානමක් නිර්මාණය වී ඇති බවත් මෙය හුදෙක් අහිමි වීමක් නොව හොරකමක් වංචාවක් හා මූල්‍ය අක්‍රමිකතාවක් බවත් මෙහි සුලමුල සොයා ගැනීම සියලු දෙනාගේ වගකීමක් නිසා මේ මූල්‍ය හොරකමට සම්බන්ධ සියලුම වගකිව යුත්තන් කවුද කියා සොයා ගන්නා අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
මෙම පරීක්ෂණය හරහා වගකීම වගවීම හදුනා ගෙන මෙහි සුලමුල සොයා ගන්නවා පමණක් නොව මෙහි මහමොළකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා මෙවන් සිදුවීමක් සිදු නොවන ආකාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීම ජාතික යුතුකම හා වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයත් ජනාධිපතිවරයා සහ සියලු දෙනා සයිබර් ආරක්ෂාව ගැන විශේෂිත වූ ජාතික වැඩසටහනක් නිර්මාණය කළ යුතු බවත් මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවීම සමග තවත් විදේශීය ගෙවීම් ගැනත් වාර්තා වන නිසා මේ මූල්‍ය පරිපාලනය ක්ෂේත්රයේ බිඳවැටීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව වගකිව යුතු බවත් මෙවැනි සිදුවීම වළක්වා ගැනීමට සයිබර් ආරක්ෂණ පද්ධතියක් ඇති කළ යුතු බවත් සයිබර් ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට වැඩ වැරදි ඇති මොහොතක විපක්ෂයේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්ව නියෝජනය කරන කමිටුවක් හරහා මේ සිදුවීම් සියල්ල ගැන විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා මූල්‍ය ආරක්ෂාව සුරක්ෂිත කළ යුතු බවත් ඊට අමතරව මේ ගෙවීම සිදු නොවූ නිසා සිදු වූ ණය පැහැර හැරීම නිසා ජාත්‍යන්තරව එය බලපැ ආකාරය ගැන පැහැදිලි කළ යුතු බවත් මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වලට සහ අනෙකුත් ගණුදෙනුවලට බලපෑම් වූයේද කියා රජය පැහැදිලි කළ යුතු බවත් එය ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Lanka Newsweek © 2026